ඉන්දියාවේ දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් 12ක් මරුට

ඉන්දියාවේ මුම්බායි හි දරුණු කුණාටුවක් අතරතුර ඉන්ධන පිරවුම්හලක දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වෙනවා.

බලධාරීන් සඳහන් කළේ අනතුරින් පුද්ගලයන් 60ක් පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ (NDRF) පරීක්ෂක ගෞරව් චෞහාන් පවසන පරිදි, සුන්බුන් අතරින් සිරුරු අටක් දැනටමත් ඉවත් කර ඇති අතර, තවත් හතරක් තවමත් සුන්බුන් අතර සිර වී තිබෙනවා.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමති දේවේන්ද්‍ර ෆඩ්නාවිස් පැවසුවේ තුවාල ලැබූවන් රාජවාඩි රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

කඩා වැටුණු දැන්වීම් පුවරුවට මීටර් 70 ත් 50 ත් අතර ප්‍රමාණයේ සිරවී සිටින දිවි ගලවා ගත් අය සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.