රුසියාව ඊසාන දිග යුක්‍රේනයේ ගම්මාන පහක බලය තහවුරු කරයි

ඊසාන දිග යුක්‍රේනයේ ගම්මාන පහක සිය බලය තහවුරු කරගත් බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

ඒ දැවැන්ත මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කරමින්.

ප්‍රහාරයෙන් පසු ප්‍රදේශයේ ස්ථාන රැසක ගිනි ගැනීම් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එසේම ප්‍රහාරයෙන් ගොඩනැගිලි සහ යටිතල පහසුකම් වලට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් යුක්‍රේන බලධාරීන් මේ දක්වා ප්‍රකාශයක් නිකුත් කර නැහැ.