2024 – 05 – 11

හිරු නැගීම – 05 : 53

හිරු මුදුන් වීම – 12 : 05

හිරු බැසීම – 18 : 18

අද මැයි මාසේ 11 වෙනිදා, සෙනසුරාදා. අද ගොඩක් අය ගෙදර ඉන්න දවසක්, එහෙමත් නැත්නම් ඉක්මනට ගෙදර එන දවසක්. සරලව කියනවා නම් සතියේ දවසකට වැඩිය නිදහස් දවසක්.

හැමෝගෙම ජිවිත එක වගේ නැහැ නේ, සමහර අයට සති අන්තයේ සතියේ දවස් වලට වඩා වැඩ වැඩි වෙන්නත් පුළුවන්. ඔයාගේ ජීවිතේ ගැන දන්නේ ඔයා. ඒ නිසා ඔයාගේ ජිවිතේ අනික් අය එක්ක සංසන්දනය කරන්න යන්න එපා. එකිනෙකාට තියෙන ප්‍රශ්න, එකිනෙකාගේ පරිසරය, පවුල කියන දේවල් හාත්පසින්ම එකිනෙකාට වෙනස්. ජීවිතේ කියන්නේ හැමෝටම වෙනස් ප්‍රශ්න පත්‍ර හම්බ වෙන විභාගයක් කියලා කියනවා නේ, ඉතින් copy කරන්න යන්න එපා. copy කලොත් fail වෙන එක තමයි වෙන්නේ.

ඔයා ඔයාගේ ප්‍රශ්න පත්‍රය අවබෝධ කර ගෙන, ඒ ප්‍රශ්න වල විදිහට උත්තර ලියන්න. එතකොට ඔයාට අනිවාර්යයෙන් සාර්ථක වෙන්න පුළුවන්.

මැයි 11 කියන්නේ World Bellydance Day එක. 2008 අවුරුද්දේ තමයි මෙහෙම දවසක් ඉස්සෙල්ලම නම් කරලා තියෙන්නේ. Bellydance සම්බන්ධයෙන් මිනිස්සුන්ගේ තියෙන දුර්මත අයින් කරලා මේක ජනප්‍රිය කරන්න තමයි මෙහෙම දවසක් නම් කරලා තියෙන්නේ. මේක ඇත්තටම පරණ නර්තන කලාවක්.

ඔන්න ඔයා අද විවේකයක් තියෙනවා නම් Bellydance එකක් පුරුදු වෙන්න පුළුවන්. වැදගත් වෙන්නේ ඔයා එකෙන් සතුටු වෙන එක මිසක්, ලස්සනට නටන්නම ඕනි කියන එක නෙමෙයි. නටන්න ගිහින් ඔයාට කර ගන්න බැහැ කියලා, ඔයාව අවතක්සේරු කරන්න යන්න එපා.

ඒ වගේම අද World Ego Awareness Day එක වෙනවා. ego එහෙමත් නැත්නම් අහංකාරකම කියන දේ හරිම නරක, ලොකු විනාශයක් කරන්න පුළුවන් දෙයක්. “මම තමයි ලොකු, මට තමයි ඕනේ, මම තමයි හරි”, කියන දේ අපේ හිත ඇතුලට ආවොත් ඒකෙන් ඕනිම සම්බන්ධතාවයක් බිඳිලා යන්න පුළුවන්. ඒ හරහා අපි තනිවෙන්න පුළුවන්, අනික් අය අකමැති කෙනෙක් වෙන්න පුළුවන්.

ඒ හරහා අපිට විශාල හානියක් වෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් දැනුවත් කරලා, අපි ගැන අපිට හිතන්න වෙලාවක්, හේතුවක් දෙන්න තමයි මෙහෙම දවසක් නම් කරලා තියෙන්නේ.

අපි හැමෝම මැරෙන මිනිස්සු නේ, ඉතින් ජිවත් වෙලා ඉන්න ටික කාලේ උස් පහත්කම් සලකන්නේ නැතිව හැමෝටම ගෞරවයෙන් සලකන්න. හැමෝම එක්ක හිනා වෙලා ඉන්න, තමන් ලොකුයි කියන දේ කොයි වෙලාවකවත් ඔලුවට එන්න දෙන්න එපා.

මොකද ඕනිම දෙයක් නැති වෙන්න යන්නේ තත්ත්පර කිහිපයක් විතරයි.

එහෙනම් අද දවස හිතේ සතුටින් ගත කරන්න.

ජය වේවා! තෙරුවන් සරණයි!