සෘතුමය වර්ෂාපතනය නිසා ඇති වූ හදිසි ගංවතුර හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ උතුරු බග්ලාන් පළාතේ අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වෙනවා.
තවත් බොහෝ පුද්ගලයන් අතුරුදහන්ව ඇති අතර තලෙයිබාන් නිලධාරින් සඳහන් කරන්නේ ඒ හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව ඉදිරියේදී තවත් ඉහළ යනු ඇති බවයි.
මිය ගිය පිරිසෙන් බහුතරය ගැහැනුන් සහ ළමයින් වන බවයි සඳහන් වෙන්නේ.
ගංවතුර හේතුවෙන් ඇතැම් දිස්ත්‍රික්කවල දේපළවලට සහ නිවාසවලට ද දැඩි හානි සිදුව තිබෙනවා.
විපතට පත් ප්‍රදේශවලට ආහාර, කූඩාරම්, බ්ලැන්කට් සහ වෙනත් ආධාර ලබා දීමේ වැඩපිළිවෙලවල් මේ වන විට දියත් කර ඇති අතර අතුරුදහන් වූවන් සොයා මෙහෙයුම් ද ක්‍රියාත්මක වනවා.

