2024 – 05 – 09

හිරු නැගීම – 05 : 53

හිරු මුදුන් වීම – 12 : 05

හිරු බැසීම – 18 : 18

අද මැයි මාසේ 09 වෙනිදා, බ්‍රහස්පතින්දා. මේ සතිය ඉවර වෙලා සති අන්තය ලබන්න තව තියෙන්නේ එක දවසයි.

අද දවසේ තියෙන විශේෂත්වය ගත්තොත් අද Europe Day එක වෙනවා. යුරෝපා මහද්වීපය පුරා සාමය එකමුතුකම නිරුපණය කරන්න තමයි මෙහෙම දවසක් නම් කරලා තියෙන්නේ. 1949 වසරේ මැයි 05 වගේ දවසක තමයි යුරෝපීය කවුන්සිලය ආරම්භ කරලා තියෙන්නේ.

යුරෝපා රටවල් අතර සිදු වන යුද්ධ ආදිය නැති කරලා, රටවල සම්පත් එකිනෙකා අතර හුවමාරු කර ගනිමින් යුරෝපා මහාද්වීපය සංවර්ධනය කිරීම තමයි මේ කවුන්සිලයේ අරමුණ වෙලා තියෙන්නේ.

අද ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ස්වර්ගයට පැමිණීම සනිටුහන් කරමින් සමරන Ascension Day එකත් වෙනවා. පාස්කු උත්සවයෙන් දින 40 කට පසුව මෙම දිනය සමරනු ලබනවා.

මේ දවස් කියන්නේ හඳේ එලිය වැඩි වෙන දවස්. ඉතින් ඔයාට පුළුවන් හඳේ ශක්තියත් ඔයාගේ වැඩ වලට යොදා ගන්න.

එහෙනම් අද දවස සතුටින් ගත කරන්න.

ජය වේවා! තෙරුවන් සරණයි!