ඊශ්‍රායලය සමඟ ඇති සියලුම වෙළඳ සබඳතා අත්හිටුවීමට තුර්කිය තීරණය කර තිබෙනවා.
ගාසා තීරයට “අඛණ්ඩ සහ ප්‍රමාණවත්” ආධාර ගලා යාමට ඊශ්‍රායලය විසින් ඉඩ ලබා දෙන තෙක් මෙය ක්‍රියාත්මක කරනු ඇති බවයි තුර්කි වෙළඳ අමාත්‍යාංශය පැවසුවේ.
ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩෝගන් “ඒකාධිපතියෙකු” ලෙස ක්‍රියා කරන බවට චෝදනාවක් ද සිදු කර තිබෙනවා.
මේ තත්ත්වය හමුවේ දේශීය නිෂ්පාදන වලට මුල්තැනක් දීමට සහ අවශ්‍ය භාණ්ඩ වෙනත් රටවලින් ආනයනය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට ඊශ්‍රායලය ගනිමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

