2024 – 05 – 02

හිරු නැගීම – 05 : 55

හිරු මුදුන් වීම – 12 : 06

හිරු බැසීම – 18 : 17

අද මැයි මාසේ දෙවෙනි දා, බ්‍රහස්පතින්දා. ඊයේ ඒ කියන්නේ මැයි පළවෙනිදා හඳේ අව අටවක දවස. මේ ගෙවෙන්නේ හඳ ක්‍රමයෙන් එයාගේ එලිය අඩු කරන දවස්. හඳ එලිය නැති නිසා ඔන්න මේ දවස් වල ලේසියෙන් අහසේ තරු බලන්න එහෙම පුළුවන්.

අද දවසේ තියෙන විශේෂත්වය ගත්තොත් අද world tuna day එක. Tuna කියන්නේ ඇත්තටම මුහුදේ ඉන්න මාලුවෙක්. 2017 වසරේ දී තමයි මෙහෙම දිනයක් මුල් වලට සමරලා තියෙන්නේ. මෙයාල වඳවී යාමේ තර්ජනයට මුහුණ පාලා ඉන්න සත්තුන් කොට්ටාසයක්. මේ tuna මාලුන්ව මිනිස්සු ආහාරයට ගන්නවා. ඉතින් විශාල පරිමාණයෙන් සිදු කරන ඇල්ලීම් තමයි මෙයාලා වඳ වෙලා යන්න ප්‍රධානම හේතුව විදිහට හඳුනා ගෙන තියෙන්නේ.

Tuna මාළුන් වර්ග 15ක් දැනට හඳුනා ගෙන තියෙනවා. මෙයාලා ඉතා වැඩි වේගයකින් ඒ කියන්නේ ආසන්න වශයෙන් පැයකට කිලෝමීටර 69 ක වේගයෙන් පීනනවා. ඒ වගේම එයාලා ලෝකේ ඉන්න හැම සාගරයකම ජීවත් වෙනවා.

මැයි දෙවෙනිදා කියන්නේ international Harry Potter Day එකත් වෙනවා. JK Rowling මීට අවුරුදු 12කට කලින් ලිව්වා ඒ පොත් පෙළ අදටත් ලොකු කුඩා හැමෝම අතරේ හරිම ජනප්‍රියයි. Harry Potter පලවෙනි පොත ලියලා තියෙන්නේ 1998 දී, ඒ වගේම පලවෙනි Harry Potter චිත්‍රපටය තිරගත වෙලා තියෙන්නේ 2001 වසරේ දී. 2012 දී බ්‍රිතාන්‍යයේ අගමැති වෙලා හිටිය David Cameron තමයි මැයි 2 international Harry Potter Day එක විදිහට නම් කරලා තියෙන්නේ.

ඉතින් ඔන්න ඔයත් Harry Potter පිස්සෙක් පිස්සියක් නම් ඔයාට පුළුවන් මේ දවස හොඳට සමරන්න. එත් මතක තියා ගන්න Harry Potter ගේ උපන්දිනය නම් එන්නේ ජුනි 31.

එහෙනම් ඔන්න අද දවස සතුටින් ගත කරන්න. මේ සතියේ මැද නිවාඩුවක් හම්බ වුණ නිසා සතියේ අන්තිම වැඩ කරන දවස් දෙක ටිකක් ඉක්මනට ගෙවිලා යනවා වගේ තේරෙනවා.

ජය වේවා! තෙරුවන් සරණයි!