තහනම් පිරමීඩ ආයතන සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

තවත් තහනම් පිරමීඩ ආයතන කිහිපයක් පිළිබඳව මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Beecoin App/Sunbird Foundation, Isimaga International (Pvt) Ltd, Fast Win (Pvt) Ltd, Ledger Block, Fruugo Oline App/ Fruugo Oline (Pvt) Ltd, Qnet/Questnet, Ride to Three Freedom (Pvt) Ltd, Genesis Business School/Era Miracle (Pvt) Ltd, Windex Trading යන ආයතන මෙසේ තහනම් පිරමීඩ ව්‍යාපාර ලෙස නම් කර ඇති බව සඳහන්.

තහනම් කරන ලද ආකාරයේ පිරමීඩ යෝජනා ක්‍රමයක් සෘජුව හෝ වක්‍රව ආරම්භ කිරීම, පිරිනැමීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරණය කිරීම, පැවැත්වීම, මූල්‍යනය, කළමනා කරණය හෝ මෙහෙයවීම සිදු කරන ඕනෑම පුද්ගලයෙකු සිදු කරන්නේ දඬුවම් ලැබිය හැකි වරදක් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ නිවේදනය පහතින්.