ගෙම්බන්ගේ සද්දේ ගැන පුදුම හිතෙන අනාවරණයක්

ගෙම්බෝ… නම කිව්වම නම් එච්චර ප්‍රසන්න බවක් හිතට දැනෙන්නේ නැතුව ඇති. මේ කියන්නේ යන්නේ ගෙම්බෝ ගැන නම් නෙමෙයි, ගෙම්බන්ගේ සද්දේ ගැන.

සමහර ගෙබි විශේෂ අනෙක් සතුන්ගේ කන් පැලෙන තරම් ශබ්දයකින් කෑගසනවා කියලා විද්‍යාඥයින් අනාවරණය කර ගෙන තියෙනවා.

කොහොම වුණත් එයාලගේ ශබ්දයේ සංඛ්‍යාතය තියෙන්නේ මිනිස්සුන්ගේ ශ්‍රවන සීමාවේ නොවෙන නිසා අපිට නම් මේ සද්දේ ඇහෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ.

ඇමසන් වනාන්තරයේ ගෙම්බන් ගැන අධ්‍යයනය කරමින් සිටියදී තමයි බ්‍රසීලයේ පර්යේෂකයන් කණ්ඩායමක් මේ අනාවරණය කර ගෙන තියෙන්නේ.

අධි-සංඛ්‍යාත ශ්‍රව්‍ය රෙකෝඩර භාවිතයෙන් ඔවුන් මේ ගෙම්බන්ගේ ශබ්ද හසු කර ගෙන තියෙනවා.

එහි දී පෙනී ගිහින් තියෙන්නේ ගෙම්බන්ගේ ශබ්දයේ සංඛ්‍යාත පරාසය කිලෝහර්ට්ස් (kHz) 7 සිට 44 kHz දක්වා ඇති බවයි.

මිනිසුන්ගේ ශ්‍රවන පරාසය 20 – 20 kHz වන අතර 20 kHz ට වඩා වැඩි සංඛ්‍යාත ඔවුන්ට ඇහෙන්නේ නැහැ..

බ්‍රසීලයේ කැම්පිනාස් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන්ට අනුව මෙම කෑගැසීම විලෝපිකයන්ගෙන් ආරක්ෂා වෙන්න උපකාරී වෙනවා.

වවුලන්, තල්මසුන්, රයිනෝස්, බල්ලන්, පරවියන්, කට්ල්ෆිෂ් වගේ බොහොමයක් සතුන් මේ විදිහට සන්නිවේදනය සඳහා මේ ආකාරයේ ශබ්ද භාවිතා කරන අතර මිනිසුන්ට ඒවා ශ්‍රවනය වෙන්නේ නැහැ.