2024 – 05 – 01

හිරු නැගීම – 05 : 55

හිරු මුදුන් වීම – 12 : 06

හිරු බැසීම – 18 : 17

අද අලුත් මාසයක පලවෙනි දවස. මැයි මාසේ පලවෙනිදම නිවාඩු දවසක් නිසා මාසේ ලස්සනට plan කරලා හොඳ විවේකයකින් ආරම්භ කරන්න පුළුවන්.

ඉතින් අද හැමෝම ගෙදර නිසා, අනිවාර්යයෙන් මේ මාසේ තියෙන වැඩ ටික plan කරන්න අද. ඔයාට කරන්න තියෙන දේව, ඔයා ලඟා කර ගන්න ඕනි අරමුණු ගැන හිතලා බලන්න. පසුගිය මාසේ ඔයා අතින් වුණු අඩුපාඩු ගැනත් බලන්න. ඒවා මේ මාසේ නොකරන්න හිතා ගන්න.

ඉතින් අද ලෝක කම්කරු දවස. කම්කරුවා කියන එක සිංහල විසන්ධි කරලා ගත්තොත් කර්මාන්ත කරන්නා තමයි කම්කරුවා විදිහට ගන්නේ. හරියටම කියනවා නම් අද ලෝක වැඩ කරන ජනතාවගේ දවස. වැඩ කරන ජනතාව එයාලගේ ඉල්ලීම් දිනා ගන්න සටන් කරන දවස අද.

19 සියවසේ දී පැය 08ක වැඩ මුරයක් දිනා ගැනීමේ සටන් වලින් තමයි මේ දවස ආරම්භ වෙලා තියෙන්නේ. කාර්මික විප්ලවයත් එක්ක බිහි වුණු ලොකු ලොකු කර්මාන්තශාලා වල අයිතිකාරයෝ සේවකයන්ගෙන් රැයක් දවාලක් නැතුව වැඩ ගන්න ගත්තා. ඉතින් සේවකයෝ මේකට විරෝධය දක්වමින් තමන්ගේ වැඩ මුරය පැය 8 ක් දක්වා සිමා කරන්න කියලා උද්ඝෝෂණය කරලා තියෙනවා. මේකේ දී විශාල ජනතාවක් මිය ගිහින් තියෙනවා කියලා තමයි ඉතිහාසය කියන්නේ.

එයාලගේ කැපකිරීම් සහ ජිවිත පරිත්‍යාගයන් සිහි වෙන්නයි අද දවස නම් කරලා තියෙන්නේ.

එහෙනම් අද නිවාඩු දවස සතුටින් ගත කරන්න. මැයි මාසය ඕගොල්ලෝ හැමෝටම හොඳ මාසයක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා.

ජය වේවා! තෙරුවන් සරණයි!