ජලය සහ ලුණු මිශ්‍රණයක් භාවිතා කරමින් උපාගම නමින් හැඳින්වෙන මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය අනුකරණය කෘතිම ස්නායුවක් නිර්මාණය කිරීමට පර්යේෂකයන් කණ්ඩායමක් සමත් වී තිබෙනවා.
නෙදර්ලන්තයේ Utrecht විශ්ව විද්‍යාලයේ සහ දකුණු කොරියාවේ Sogang විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් පිරිසක් විසිනුයි මෙම පර්යේෂණය සිදු කර ඇත්තේ.
Utrecht විශ්ව විද්‍යාලයේ න්‍යායාත්මක භෞතික විද්‍යාඥ Tim Kamsma පවසන්නේ මෙම සොයා ගැනීම මිනිස් මොළයේ සන්නිවේදන රටාවන් අනුකරණය කරන සහ මිනිස් මොලය භාවිතා කරන ද්‍රව්‍යම සන්නිවේදනය සඳහා යොදා ගන්නා පරිඝනක නිෂ්පාදනය කිරීමට විශාල රුකුලක් වන බවයි.
මෙය Iontronic memristor එකක් ලෙස හඳුන්වනු ලබන අතර කේතු හැඩැති එය මයික්‍රොමීටර 150 ත් 200 ත් අතර පළලකින් යුතු වනවා.
මොළයට සමාන මාධ්‍යයක් භාවිතා කරන පද්ධතියක් භාවිතා කිරීම නිසා නියුරෝන හැසිරීම් ඵලදායි ලෙස අනුකරණය කිරීමට හැකි වී ඇති බවයි පර්යේෂකයන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

