හිරු නැගීම – 05 : 56
හිරු මුදුන් වීම – 12 : 06
හිරු බැසීම – 18 : 17
අද අප්‍රේල් මාසේ 28 වෙනි දා, අප්‍රේල් මාසේ අන්තිම ඉරිදා දවස. තව හරියටම දවස් දෙකකින් මැයි මාසේ, ඒ කියන්නේ මේ අවුරුද්දේ පස්වෙනි මාසේ පටන් ගන්නවා.
අප්‍රේල් කියන්නේ ටිකක් වැඩක් කර ගන්න බැරි වුණු මාසයක් වෙන්න පුළුවන්, මොකද අවුරුදු වලට ලෑස්ති වෙන්න, අවුරුදු සමරන්න වගේම නෑදෑයෝ බලන්න එහෙමත් යන්න වුණානේ. ඒවත් කරන්න එපැයි නේද… හිකිස්…
ඉතින් අද නිවාඩු දවසේ ඔයා පොඩ්ඩක් ඔයාගේ අප්‍රේල් මාසේ ගෙවුනු විදිහ ගැන හිතලා බලන්න. ඔයාගේ මේ සැරේ අවුරුද්ද කොහොමද, ඔයා ගෙදර අය එක්ක මොනවද කළේ වගේ හැමදේම හිතලා බලන්න ආයෙම. ඒ වගේම ඔයා අප්‍රේල් මාසේට කරන්න දා ගෙන තිබුන වැඩ ටික ගැනත් හිතන්න. ඒ දේවල් ඔයාට කර ගන්න පුළුවන් වුණාද බලන්න.
මැයි පළවෙනිදාත් නිවාඩු දවසක් නිසා මැයි මාසේ සැලසුම් කර ගන්න එක එදාට කරන්න පුළුවන්. අද ඉරිදා දවස විවේකයෙන් සිංහාවලෝකනයක් කරන්න. ඒ කියන්නේ ඔයා මේ අවුරුද්දේ ආපු ගමන් මාර්ගය දිහා හැරිලා බලන්න.
අද දවසේ තියෙන විශේෂත්වය තමයි අද ගෙම්බන් ආරක්ෂා කිරීමේ දිනය – save the frog day එක, දැන් ඔයාලා හිතනවා ඇති නේ ගෙම්බා කියන්නේ දිනයක් වෙන් කර ගෙන ආරක්ෂා කරන්න ඕනි සතෙක් ද කියලා… හිකිස්… ගෙම්බන්ට ලැබෙන සැලකිල්ල අඩු නිසා තමයි මෙහෙම දවසක් දාගෙන උන් ආරක්ෂා කරන්න වෙලා තියෙන්නේ.
අතීතයේ Triassic යුගයේ ඉඳන් අද දක්වාම ඉන්න සත්තව කොට්ටාසයක් විදිහට මේ ගෙම්බෝ හඳුන්වන්න පුළුවන්. විවිධ විශේෂ ගණනාවක්ම මෙයාලගේ අදටත් ඉන්නවා. ජෛව විවිධත්වයේ වැදගත් කොටසක් වෙන මෙයාලව අනිවාර්යයෙන් ආරක්ෂා කර ගත යුතුම වෙනවා.
ඒ වගේම අද superhero day එකත් වෙනවා. ඉතින් ඔයාගේ ජිවිතේ superhero කව්ද?
මේ ප්‍රශ්නයට ඔයාගේ වයසත් අනුව විවිධ පිළිතුරු තියෙන්න පුළුවන්. එහෙම තමයි ජිවිතේ විවිධ කාලවල අපිට එක එක දේවල් නේ හිතෙන්නේ. අපි ලබන අත්දැකීම් සහ දැනුම අනුව අපි ලෝකය දිහා බලන ආකාරය වෙනස් වෙනවා. එත් එක්කම පොඩි කාලේට වඩා අපේ සිතුම් පැතුම් එහෙම වෙනස් වෙනවා.
සමහර වේලාවට ඒ වෙනස වෙන්න එක සිදුවීමක් වුණත් ඇති.
අද ඉරිදා දවස ගෙදර අය එක්ක සතුටින් එකට ගත කරන්න. එයාලට අප්‍රේල් මාසේ දැනුන විදිහ අහන්න. ගෙදර අය එකට එකතු වෙලා ඉන්න එක දරුවන්ටත් හොඳයි වගේම අපේ මානසික සෞඛ්‍යටත් හොඳයි.
ජය වේවා! තෙරුවන් සරණයි!


