ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම මගියාගේ ඔරලෝසුව වෙන්දේසියට

අනතුරට පත් වී විනාශ වී ගිය ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම මගියාට අයත් වූවක් ලෙස සැලකෙන රත්රන් ඔරලෝසුවක් වෙන්දේසියට ලක් කර තිබෙනවා.

එය පෙර විකුණුම් ඇස්තමේන්තු වාර්තා බිඳ දමමින් පවුම් මිලියන 1,175කට අලෙවි වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ඔරලෝසුව John Jacob Astor IV නමැති පුද්ගලයාට අයත් එකක් වන අතර එය කැරට් 14 රන් Waltham වර්ගයේ පොකට් ඔරලෝසුවක් වනවා.

මෙය මිල දී ගෙන ඇත්තේ ඇමරිකානු පුද්ගලයෙකි.

JJA යන මුලකුරු කැටයම් කළ ඔරලෝසුව 1912 අප්‍රේල් මාසයේදී ටයිටැනික් නෞකාව ගිලී දින කිහිපයකට පසුව සිරුරු ගොඩ ගැනීමේ දී Astor ගේ සිරුරේ තිබී හමු වී තිබෙනවා.

මීට අමතරව ඔහු සතුව තිබී දියමන්ති මුද්දක්, රන් සහ දියමන්ති cufflinks, ඉංග්‍රීසි නෝට්ටුවලින් පවුම් 225 ක් සහ ඩොලර් 2,440 ක් ද සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

Henry Aldridge & Son විසින් මෙම වෙන්දේසිය පවත්වා ඇති අතර එය පවුම් 100,000 ත් පවුම් 150,000 ත් අතර මිලකට අලෙවි වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබුනා.