හිරු නැගීම – 05 : 56
හිරු බැසීම – 12 : 06
හිරු බැසීම – 18 : 17
අද අප්‍රේල් මාසේ 26 වැනි දා, සිකුරාදා. හෙට ඉඳන් අප්‍රේල් මාසේ අවසාන සති අන්තය පටන් ගන්නවා..
අද දවසේ තියෙන විශේෂත්වය ගත්තොත් අද පිටසක්වල ජීවීන්ගේ දවස – Alien Day. මේ ලෝකේ ඉන්න අයට විතරක් නෙමෙයි වෙන ලෝකවල ඉන්න අයටත් ඔන්න මෙහෙ දින නම් කරලා තියෙනවා.
පිටසක්වල ජීවීන් කියන්නේ ඇත්තටම ලොකු මාතෘකාවක්. හැමෝම උත්සාහ කරන්නේ මේ අය එක්ක ගනුදෙනු කරන්න, මෙයාලා කොහොමද, මොන වගේ ද කියලා හොයා ගන්න.
මේ පිටසක්වල ජීවීන් ආශ්‍රය කරගෙන විවිධ චිත්‍රපට පොත් ආදී දේවලුත් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් බොහෝ දෙනා පිළිගන්න විදිහට සමාජයේ සම්මත වෙලා තියෙන විදිහට alien කෙනෙක් කියලා කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක්.

පොඩි ඔළුවක් එක්ක ලොකු ඇස් දෙකක් තියෙන සමේ කිසිම රෝම නැති ශරීර ප්‍රමාණයෙන් කුඩා කෙනෙක් විදියට තමයි සමාජයේ සම්මත වෙලා තියෙන පිටසක්වල ජීවියෙක් ඉන්නෙ.
ඉතින් ඇත්ත වශයෙන්ම අද වෙනකම් තව ඇත්තටම කවුරුත් පිරිසක්වල ජීවියෙක් ඔය විදියට නම් දැකලා නැතුව ඇති. අනාගතයේදී සමහර විට පෘථිවියේ මිනිසුන් පිටසක්වළ ජීවින් එක්ක ගනුදෙනු කරන්නත් පුළුවන්.
පිටසක්වල ජීවීන් කියන එකේ අර්ථය තමයි මේ සක්වලින් එළිය සක්වලවල ඉන්න ජීවීන් කියන එක. ඉතින් මේ සක්වලවලන් එලියෙත් ජීවීන් ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා.
ඒ වගේම ඊජිප්තු මායා ආදී ශිෂ්ටාචාරවල මිනිසුන් පිටසක්වල ජීවීන් එක ගනුදෙනු කලා කියලා කියවෙන චිත්‍ර සහ විවිධ මූර්ති ආදිය අදටත් දකින්න පුළුවන්.
අද Audubon Day එකත් වෙනවා. ඇමරිකානු චිත්‍ර ශිල්පියෙක් වගේම කුරුල්ලන් නිරීක්ෂණය කරන්නෙකු වූ John James Audubon උදෙසා තමයි මේ දවස නම් කරලා තියෙනවා.
මෙයා විවිධ ආකාරයේ කුරුල්ලන් නිරීක්ෂණය කරමින් ඔවුන්ගේ සිතුවම් ඇඳලා තියෙනවා.
එහෙනම් අද දවසේ ඔයාගේ වැඩ ටික හොඳට පිළිවෙලට කරගන්න. පිළිවෙල කියන දේ අපේ වැඩ ඇතුලේ තිබුණොත් අපේ වැඩේ තවත් සාර්ථක කරගන්න පුළුවන්. එනිසා හැමවෙලේම පිරිසිදුව පිළිවෙලට වැඩ කරන්න පුරුදු වෙන්න.
ජය වේවා තෙරුවන් සරණයි

