කොළඹ බෝ අත්තක් කඩා වැටීමෙන් මාර්ග අවහිරයක්

කොළඹ සංඝරාජ මාවත අසළ පිහිටි විහාරයක බෝ ගසක අත්තක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

ශ්‍රී සංඝරාජ බෝධිමළු විහාරයේ බෝ ගසේ අත්තක් මෙලෙස කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ

ඒ හේතුවෙන් ලොරි රථයකට සහ ත්‍රිරෝද රථයකට හානි සිදුව ඇති බව සඳහන් වේ.

අනතුරින් තුවාල ලැබූ එක් අයෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇති බව පොලීසිය පැවසීය.

මේ වනවිට එම ස්ථානය ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් පවතින අතර අනතුර සම්බන්ධයෙන් පොලීසිය විසින් පරීක්ෂණ සිදු කරනු ලබයි.