පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා මැයි රැළියේදී එළියට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසනවා

මෙවර ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මැයි රැලිය කොළඹ බොරැල්ල කැම්බල් පිටියේදී ලබන මැයි පළවෙනිදා පැවැත්වෙනවා.

එම රැලියට දිවයිනේ දස දෙසින් විශාල පිරිසක් සහභාගි කරවීමට එම පක්ෂය බලාපොරොත්තු වන බවයි වාර්තා වෙන්නේ.