පින්බර බක් පොහෝ දිනය අදයි

වසරේ තුන්වෙනි පෝය දිනය වන බක් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

ආගමික මෙන්ම ශාසනික වැදගත්කමකින් යුතු සිදුවීම් රැසක් ද සිදුවුණු පොහෝ දිනයක් ලෙස බක් පොහෝ දිනය හැඳින්විය හැකිවනවා.

බුදුරජාණන් වහන්සේ දෙවෙනි වතාවට ලංකාවට වැඩම කළේ අද වන් වූ බක් පොහෝ දිනයක වනවා. ඒ බුද්ධත්වයෙන් පස්වන වසරේදීය.

නාගදීපයේ චූලෝදර මහෝදර නම් වූ නා රජු දෙදෙනෙක් අතර මැණික් පුටුවක් අරඹයා සිදුවන්නට ගිය සටන වැළැක්වීම බුදුරජාණන් වහන්සේ ලංකාවට දෙවැනි වරට වැඩම කිරීමේ අරමුණ වනවා.

වෛරයෙන් වෛරයෙන් සිදෙන්නේ නැති බවත් අවෛරයෙන් ම වෛරය සංසිදෙන බවත් උන්වහන්සේ මෙහිදී දේශනා කරනු ලැබුවා.

බුදුරජාණන් වහන්සේ නාග ගෝත්‍රිකයන් ඉදිරියේදී විශාල අඳුරක් මවා පාමින් ඔවුන් බිය වැද්දු බවයි ධර්මයේ සඳහන් වන්නේ.

පසුව චූලෝදර මහෝදර නා රජවරුන් දෙදෙනා ඇතුළු සියලුම නාගයෝ තිසරණ සරණ ගිය අතර එම ආරවුලට මුල් වූ මැණික් පුටුව බුදුරජාණන් වහන්සේ වෙත පූජා කළා.

පසුව එහෙම මැණික් පුටුව නිධන් කොට ස්ථූපයක් තනවා එයට පූජා පවත්වනු ලැබුවා.

සිදුහත් කුමාරයා දුටු සතරපෙරනිමිති අතරින් පළමුවැන්න වන මහල්ලෙක් දැකීම සිදුවූයේද බක් පොහෝ දිනයක වනවා.

අද දිනයේ ලංකාවාසී මෙන්ම ලෝකවාසී බෞද්ධ ජනතාව ද ආගමික කටයුතුවල නිරත වෙමින් ධර්මානුකූලව සිය දවස ගතකරනු ලබනවා.