හිරු නැගීම – 05 : 58
හිරු මුදුන් වීම – 12 : 07
හිරු බැසීම – 18 : 17
අද අප්‍රේල් මාසේ 22 වන සඳුඳා. ගොඩක් අයට නම් අද වැඩ කරන දවසක්. අදින් පටන් ගන්න සතිය හොඳට ගත කරන්න අද සතියේ මුල් දවසේ හිතා ගන්න
මේ දවස් වල තියෙන රස්නේ නිසා ශරීරයට වගේම හිතටත් ටිකක් අමාරුවක් දැනෙන්න පුළුවන්. ඉක්මනට තරහ යන දේවල් එහෙම ගොඩයි රස්නේ නිසා. ඒ දේවල් සාමාන්‍යයයි, ඒ වුණාට ඒ තරහ ඉක්මනින්ම නැති කර ගන්න ඔයා දක්ෂ වෙන්න..හිතට යම් තරහක්, නුරුස්සන බවක් දැනෙන්න පටන් ගත්තොත් ඉක්මනින් හිත වෙන දෙයකට යොමු කරන්න.
තරහ ගන්න එකෙන් කිසිම වාසියක් වෙන්නේ නැහැ. පොඩි වෙලාවකට තරහ යන එකෙන් සමහර වෙලාවට ජීවිත කාලෙටම දුක් වෙන්න වැඩ සිද්ධ වෙනවා.
අද දවසේ තියෙන විශේෂත්වය ගත්තොත් අද International Mother Earth Day එක. ඒ කියන්නේ ජාත්‍යන්තර මිහිකත දිනය. මේ ලෝකේ මේ ස්වාභාව ධර්මය තමයි අපිට අවශ්‍ය හැම දේම දෙන්නේ.
හුස්ම ගන්න ඔක්සිජන්, ආහාර, ජලය මේ හැම දේම දෙන්නේ පරිසරය. අපි දැන් කඩේට ගිහින් කන්න ගත්තට, වතුර වලට බිල් ගෙව්වට ඒ හැමදේම නොමිලේ ස්වාභාව ධර්මය විසින් අපිට දීලා තියෙනවා. මිනිස්සු කෘතිමව ඒ දේවල් සල්ලි වලට දෙන ලෝකයක් හදා ගෙන මිනිසුන්ව පාලනය කරනවා.
සරලව කියනවා නම් තව ටික කාලයක් යනකොට ඔක්සිජන් ටිකත් සල්ලි වලට ගන්න වෙයි !
පුළුවන් තරම් ස්වභාවධර්මය රකින්න ආරක්ෂා කරන්න උත්සාහ කරන්න. ස්වභාව ධර්මය ආරක්ෂා කිරීම කියන්නේ අපිටම කරගන්න උපකාරයක්. ඒ නිසා සභාව ධර්මයේ ජලය, පස, වාතය, ගහකොළ සතුන් ඒ දේවල් ආරක්ෂා කරන්න.
ඒ වගේම අද Beagles බල්ලන් වෙනුවෙන් වෙනුවෙන් දවසත් වෙනවා.
එහෙනම් අද දවස සතුටින් ගත කරන්න.
ජයවේවා තෙරුවන් සරණයි

