ඉන්දුනීසියාවේ Ruang ගිනි කන්ද සක්‍රිය වීම හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
සුලවේසි දූපතේ උතුරු පැත්තේ පිහිටි මීටර් 725ක් උසැති මෙම ගිනි කන්ද පැය 24ක් තුළ අවම වශයෙන් පස් වතාවක් පුපුරා ගොස් ඇති බව එරට ගිනිකඳු හා භූ විද්‍යා ආපදා අවම කිරීමේ මධ්‍යස්ථානය සඳහන් කරනවා.
බලධාරීන් අනතුරු අඟවන්නේ, විධාරණය වෙමින් පවතින ගිනි කන්දේ කොටස් මුහුදට වැටී සුනාමි තත්ත්වයක් ඇති විය හැකි බවයි.
මේ වන විට ගිනි කන්ද අවට වාසය කළ 11,000ක පමණ පිරිසක් ආරක්ෂිත කලාප වෙත යොමු කර ඇති අතර මෙතෙක් කිසිදු තුවාල වීමක් හෝ මරණයක් වාර්තා වී නොමැත.
ගිනි කන්ද සහිත ප්‍රදේශයෙන් අවම වශයෙන් සැතපුම් 3.7ක් දුරින් සිටින ලෙස මිනිසුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ඉන්දුනීසියාවේ ගිනිකඳු විද්‍යා ඒජන්සිය පැවසුවේ ප්‍රදේශයේ මෑතදී ඇති වූ භූමිකම්පා හේතුවෙන් මෙම ගිනිකන්ද සක්‍රිය වී ඇති බවයි.
2018 දී ඉන්දුනීසියාවේ Anak Krakatau ගිනි කන්ද පුපුරා යාමෙන් සුමාත්‍රා සහ ජාවා වෙරළ තීරයේ සුනාමියක් ඇති වූ අතර ගිනි කන්දේ සමහර කොටස් සාගරයට වැටී 430 දෙනෙකු මිය යනු ලැබුවා.

