හිරු නැගීම – 06 : 00
හිරු මුදුන් වීම – 12 : 08
හිරු බැසීම – 18 : 17
අද අප්‍රේල් මාසේ 17වැනි බදාදා දවස. ඉතින් මේ වෙනකොට නම් හැමෝම අවුරුදු ඉවරවෙලා තම තමන්ගේ සුපුරුදු රාජකාරිවලට ආයෙමත් හුරු වෙන ගමන් ඉන්නේ.
අද දවසේ තියෙන විශේෂත්වය ගත්තොත් අද කෙසෙල් වලට වෙන් වුන දවස. ටිකක් අමත දවසක් උනත් කෙසෙල් කියන්නේ හරිම පෝෂ්‍යදායී දෙයක්. කෙසෙල් වල අලුකෙසෙල් එළවළුවක් වගේම රත් කෙසෙල්, කෝලිකුට්ටු, ආදී කෙසෙල් පළතුරක් විදියටත් භාවිතා වෙනවා. කොහොම ගත්තත් මේ වර්ග ඔක්කොම ලොකු පෝෂණයක් තියෙන ආහාර.
අදට යෙදෙන තවත් විශේෂ දිනයක් තමයි International Haiku Poetry Day එක. Haiku කියන්නේ ජපාන සාහිත්‍යයේ තියෙන කාව්‍යමය ආකාරයක්. ඉතාමත් කෙටි වචන කුඩා ප්‍රමාණයක් භාවිතා කරමින් තමයි මේ කවි ලියවෙන්නේ.
5 – 7 – 5 රිද්මයට තමයි මේවා ලියවිලා තියෙන්නේ. ඉතින් ඔන්න අද විවේකයක් හමුවුණොත් අනිවාර්යෙන්ම මේ වගේ Haiku කවියක් ලියල බලන්න.
අප්‍රේල් 17 වෙනිදා කියන්නේ World Hemophilia Day එකත් වෙනවා. සමහර කෙනෙක්ට ඉතාම සුළු දෙයක් වෙන ඇඟිල්ලක් පොඩ්ඩක් කැපීම වගේ දේවල් මේ හිමොෆීලියාවෙන් පෙළෙන පුද්ගලයන්ට මාරාන්තික වෙන්න පුළුවන්. මොකද සාමාන්‍ය කෙනෙක්ගෙ තුවාල වෙලා ටික වෙලාවක් ගියහම රුධිරයේ කැටගැසීම නිසා රුධිරෙ වහනය නතර වෙනවා. ඒ වුණාට හිමොෆිලියාව තියෙන කෙනෙක්ගේ එහෙම රුධිර වහනය නතර වෙන්නේ නැහැ.
මේ හිමොෆීලියාව තත්ත්වයෙන් මේ වෙනකොට ලෝකය පුරාම ලක්ෂ හතරක් වගේ පිරිසක් පීඩා විඳිනවා කියලා වාර්තා වෙනවා. මේ රෝගය තියෙන අය තමන්ට රෝගය තියෙනවද කියලා දන්නේ නැති නිසා ගොඩක් වෙලාවට එයාලගේ ජීවිත වලින් පවා එයාලට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා.
මේ රෝගය තියෙයි කියලා සැක හිතෙනවනම් අනිවාර්යෙන්ම පරීක්ෂණයක් කරගන්න ඕනි. මේක ජාන විකෘති වීමක් නිසා ඇති වෙන තත්ත්වයක්.
අද Ford Mustang Day එකත් වෙනවා. 1964 දී තමයි මේ car එක ඉස්සෙල්ලාම හඳුන්වලා දීලා තියෙන්නේ.
ඉතින් එහෙනම් අද දවසත් සතුටින් ගත කරන්න. තව කෙනෙක්ට පුළුවන් විදිහට උදව්වක් කරන්න.
ජය වේවා තෙරුවන් සරණයි.

