නිරිතදිග පාකිස්තානයට ඇදහැලෙන අධික වර්ෂාපතනය සහ අකුණු අනතුරු මගින් පුද්ගලයින් 39 දෙනෙකු මියගොස් ඇති බව විදසේ මාධ්‍ය වාර්තා කරනවා.
මියගිය පිරිස අතර වැඩි දෙනෙක් ගොවීන් වන අතර ඔවුන් අස්වනු නෙළීමේ නිරතව සිටියදී අකුණු අනතුරුවලට ලක්වී ඇති බවයි සඳහන් වෙන්නේ.
ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ගොවි බිම් රැසක් ද ජලයෙන් යටවී පවතී.
එමෙන්ම ප්‍රදේශයේ විදුලිබල සැපයුම සහ ප්‍රවාහන සේවා ද අඩාල වී තිබෙනවා.
2022 වසරේදී පාකිස්තානයට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් ඇති වු අනතුරු මගින් පුද්ගලයින් 1700කට අධික පිරිසක් මියගොස් තවත් දහසකට අධික පිරිසක් තුවාල ලැබීය.

