වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීමේ නැකත අප්‍රේල් 14 වෙනිදා 12:06ට උදා වුණා.
නැකත් සිට්ටුවේ සඳහන්ව ඇත්තේ නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම යහපත් බවයි.
මෙය අවුරුදු දවසේ අවසන් නැකත වන අතර මීළඟ නැකත යෙදී ඇත්තේ අප්‍රේල් 15 වන සඳුදාට වනවා.
ඒ හිස තෙල් ගෑමේ නැකතයි.

