බහු ජාන සංස්කරණ සහිත ඌරෙකුගේ වකුගඩුවක් මොළය මිය ගිය මිනිසෙකුට සාර්ථකව බද්ධ කිරීමට චීනයේ වෛද්‍යවරු පිරිසක් සමත් වී තිබෙනවා.
මින් පෙර සාර්ථකව ඌරු අක්මා බද්ධ කිරීමක් ද සිදු එම වෛද්‍ය කණ්ඩායම විසින් සිදු කර ඇති අතර එයින් සති කිහිපයකට පසුවයි මෙම බද්ධ කිරීම සිදු කර ඇත්තේ.
මෙම බද්ධ කිරීම මාර්තු 25 වන දා සිදු කර ඇති අතර අඛණ්ඩව දින 13ක් වකුගඩුව රෝගියාගේ ශරීරය තුළ සාර්ථකව ක්‍රියාත්මක වී තිබෙනවා.
විද්‍යාඥයින් විසින් CRISPR/Cas9 ජාන සංස්කරණ තාක්ෂණය යොදා ගනිමින් වකුගඩුව ලබා ගත් ඌරාට මිනිස් ජාන දෙකක් එකතු කර ඇති අතර ඌරාගේ වකුගඩුවේ පැවති ජාන තුනක් ඉවත් කර ද තිබෙනවා.

