අලුත් අවුරුදු පළමු නැකත අද

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් චාරිත්‍රවල පළමු නැකත් දෙක (11) අදට යෙදී ඇති බව නැකත් සීට්ටුවේ සඳහන් වෙනවා. 

ඒ අනුව අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා නව සඳ බැලීමේ චාරිත්‍රය සහ පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ චාරිත්‍රය අදට යෙදී තිබෙනවා.

පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ දී බෝපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයේ යෙදී වාසය කිරීම මැනවි යැයි නැකත් සීට්ටුවේ දක්වනවා.

අලූත් අවුරුද්ද යනු පාරිශුද්ධත්වය හා සෞභාග්‍ය මුල් කරගත් චාරිත්‍ර විධියක් වන බැවින් ඊට සූදානම් වීම සඳහා මේ ආකාරයෙන් ස්නානය කිරීම යෝග්‍ය බව ජ්‍යොතිශයේ සඳහන් වේ.

සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වීමට ඇත්තේ තව දින දෙකක් වැනි කෙටි කාලයකි.