මුස්ලිම් බැතිමතුන් උපවාසය අවසන් කරන රාමසාන් අදයි

නව සඳ දිස්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ අද (10) දිනයේ රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය ඊයේ නිවේදනය කළා.

ඉස්ලාමිය චන්ද්‍ර දින දර්ශනයට අනුව රාමසාන් යනු නව වන මාසය වන අතර එම මාසය පුරාවටම ඔවුන් සූර්යයා නැගීමේ සිට සූර්යයා බැස යාම දක්වා කාලයේ දී කිසිදු ආහර ගැනීමක් සිදු කරන්නේ නැහැ.

තම තුල ස්වයං පාලනයක් සහ විනයක් ඇති කර ගැනීම, දුප්පතුන්ගේ දුක තේරුම් ගැනීම සහ දෙවියන්ට තවත් ලං වීම අරමුණු කර ගෙනයි මෙලෙස මාසයක් පුරාවට උපවාසයේ යෙදෙන්නේ.

අද දිනය රාමසාන් මාසයේ සහ ඔවුන්ගේ උපාවාසයේ ද අවසන් දිනය වන අතර අතර මුස්ලිම් බැතිමතුන් මහත් උත්සවයෙන් සමරනු ලබන දවසක් වනවා.

Eid Mubarak !