2024 – 04 – 08

හිරු නැගීම – 06 : 04

හිරු මුදුන් වීම – 12 : 10

හිරු බැසීම – 18 : 17

අද අප්‍රේල් මාසේ අටවෙනිදා, සඳුදා. මේ සතියේ නම් දවස් තව දෙකයි නේ වැඩට යන්න තියෙන්නේ නේද.. ඊට පස්සේ ඉතින් දීර්ඝ අවුරුදු නිවාඩුව.

අද නම් හැමෝටම ගොඩක් විශේෂ දවසක්. මොකද අද පූර්ණ සුර්යග්‍රහණයක් සිද්ධ වෙනවා වගේම යක්ෂයාගේ වල්ගා තරුවත් දකින්න පුළුවන් වෙනවා. සුර්යග්‍රහණය නම් පෙන්නේ උතුරු ඇමරිකාවේ ප්‍රදේශ කිහිපයකට විතරක් වුණාට වල්ගා තරුව නම් අපිටත් බලන්න පුළුවන් කියලා තමයි කියන්නේ.

ඊට අමතරවත් අද විශේෂතා ගොඩක් යෙදිලා තියෙනවා.

ඒ තමයි අද ZOO lovers day එක. Zoo එකක් කියන එක ඉතින් සතුන්ව සංරක්ෂණය කිරීම අරමුණු කර ගෙන තමයි ඉස්සෙල්ලම පිහිටුවලා තියෙන්නේ. තමන් ඉන්න ස්වාභාවික වාසස්ථාන වල තියෙන උපද්‍රව නිසා සම්පූර්ණ ගහනය වඳ වීම වලක්වා ගැනීමට මෙහෙම ඉන් කොටසක් වෙනාත් තැනකට ගෙනත් සංරක්ෂණය කරනවා.

අද වෙනකොට නම් මේ අරමුණින් බැහැරව, සතුන් ප්‍රදර්ශනය කිරීම සඳහා පවත්වා ගෙන යන ස්ථානයක් බවට zoo එක පත් වෙලා තියෙනවා. අපි වුණත් කැමති නැහැ නේ අපිව ජිවිත කාලෙම කූඩු කරලා තියෙනවට නේද. එයාලත් ඒ වගේ තමයි. තමන්ගේ රංචුවේ අනික් අයගෙන් වෙන් වෙලා පොඩි පිරිසක් එක්ක සමහරවිට තනියෙම zoo එකේ කූඩුවක ඉන්නවා.

සාම්ප්‍රදායික zoo එකකට වඩා එළිමහන් zoo එකක් තරමක් දුරට හොඳයි කියලා කියන්න පුළුවන්. ලංකාවෙත් ඔයාල රිදියගම ගියොත් එළිමහන් zoo එකක් බලා ගන්න පුළුවන්.

අප්‍රේල් 8 International Romani Day එකත් වෙනවා. Romani කියලා හඳුන්වන්නේ එක්තරා සාම්ප්‍රදායික ජන කොට්ටාශයක්. එයාල ඉන්දු ආර්යයන්ගෙන් පැවත ගෙන එනවා කියලා තමයි කියන්නේ. අපි අහිකුන්ටක කියලා වගේ හඳුන්වන පිරිසක් තමයි මේ.

romani මිනිසුන්

තැනින් තැනට ගිහින් ජිවත් වෙන පිරිසක් මේ Romani මිනිසුන් කියලා කියන්නේ. එයාල කතා කරන්නේ Romani භාෂාව. ඒ වගේම එයාලට එයාලටම ආවේනික වූ චාරිත්‍ර සහ සම්ප්‍රදායන් තියෙනවා.

අද Draw a Picture of a Bird Day එකත් වෙනවා. හිකිස්… ඔන්න වෙලාවක් තියෙනවා නම් කුරුල්ලෙක් ගේ පින්තූරයක් අදින්න.. හිත ටිකක් සන්සුන් වෙන්නත් එක්ක ඒක හොඳ දෙයක්.

එහෙනම් අද දවස සතුටින් ගත කරන්න.

ජය වේවා! තෙරුවන් සරණයි !