සතිඅන්ත නිවාඩුවේ විශේෂ භාණ්ඩ බෙදා හැරීමේ සේවාවක්

සිංහල, දමිළ අලුත් අවුරුදු සහ රාමසාන් උත්සව යෙදෙන දීර්ඝ සතිඅන්ත නිවාඩු කාලය තුළ දිවයින පුරා තැපැල් භාණ්ඩ බෙදීමේ විශේෂ සේවාවක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති එස් ආර් ඩබ් එම් ආර් පී සත්කුමාර මහතා ඒ බව පැවසීය.

ඒ අනුව රජයේ නිවාඩු දිනයක් වන අප්‍රේල් 12 වනදා දිවයින පුරා බෙදීම් සහිත තැපැල්/උප තැපැල් කාර්යාල මගින් – Cash-on-Delivery, විදේශ කුරියර් සේවාව සහ සාමාන්‍ය පාර්සල් බෙදීමේ විශේෂ සේවාවක් සැලසුම් කර තිබේ.