හිරු නැගීම – 06 : 04
හිරු මුදුන් වීම – 12 : 11
හිරු බැසීම – 18 : 17
අද ඉරිදා දවස, අලුත් අවුරුද්දට තව පොඩ්ඩ දවසයි තියෙන්නේ සහ අද හැමෝටම නිවාඩු දවසක් නිසා අද කට්ටිය හැමෝමට කාර්යබහුල දවසක් වෙයි බොහෝ දුරට.
මේ පාර අවුරුද්දට කලින් දවසෙත් නිවාඩු නිසා අවුරුද්දට සූදානම් වෙන්න දවස් ගොඩක් තියෙනවා මේ පාර නම්.
ඉතින් අද අප්‍රේල් 7 වෙනි දා. අද ලෝක සෞඛ්‍ය දිනය – World Health Day එක. ජිවිතේ මොන දේ තිබුනත් වැඩක් නැහැ නේ නිරෝගිකම නැත්නම්, ඒක ඇත්තටම තේරෙන්නේ නිරෝගී වෙලා ඉන්නකොට නෙමෙයි ලෙඩක් හැදිලා අමාරු වුනාම.
මේ වෙනකොට ලෝකේ බහුතරයක් දෙනා බෝ නොවෙන ලෙඩ රෝග වලින් පීඩා විදිනවා. උදාහරණයක් විදිහට දියවැඩියාව, අධි රුධිර පීඩනය, අව රුධිර පීඩනය, වගේ දේවල් අද හැමෝටම වගේ තියෙන හරිම සුලබ බෝ නොවන රෝග නේ. මේ දේවල් වලට ප්‍රධාන හේතුව අපේ ආහාර සහ ජිවන රටාව.
අපි ගන්නා ආහාර වල තියෙන ගුණදායක බව අඩු වෙනකොට අපි ලේසියෙන් ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා. ඒ වගේම තමයි ව්‍යායාම නොකිරීම නිසාත් මේ ශරීරය ලෙඩ වෙනවා.
ලෝක සෞඛ්‍ය දවසේ අපි හිතන්න ඕනේ ශාරීරික නිරෝගිතාවය විතරක් නෙමෙයි, මානසික නිරෝගිකමත් අපිට අවශ්‍ය වෙනවා. කය සහ සිත දෙකම නිරෝගී නම් විතරයි අපිට පුළුවන් සම්පූර්ණයෙන් නිරෝගී කෙනෙක් වෙන්න.
ඉතින් ශරීරයට හොඳ ආහාර ගනිමින් ව්‍යායාම කරනවා වගේම මනසටත් හොඳ දේවල් දීලා එකත් ටිකක් ව්‍යායාම කරවන්න. මනසට ව්‍යායාම කියන්නේ මනස සන්සුන් කිරීමට උත්සාහ කිරීම. ඒ කියන්නේ භාවනා කිරීම, හොඳ හිනාවක් වගේ දේවල්. මනසට ආහාර ලෙස අපි ගන්න ඕනේ හොඳ දේවල්. එකෙන් හිතට සතුටක් දැනෙනවා වගේම මනස නිරෝගී වෙනවා.
ඒ වගේම අද Beer Day එකත් වෙනවා. වැඩි මධ්‍යසාර ප්‍රමාණයක් නැති, බාර්ලි මෝල්ට් වගේ දේවල් වලින් හදන දෙයක් තමයි beer කියන්නේ. Beer වල ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 3500 වගේ ඈතකට දිව යනවා, මේ වෙනකොට පරණම beer හම්බ වෙලා තියෙන්නේ ඉරානයෙන්.
මෙසපොතෙනියානු සහ සුමේරියානු ශිෂ්ටාචාර වලත් මේ beer තිබුනා කියලා සාක්ෂි හොයා ගෙන තියෙනවා. 19 වන සියවසේ කාර්මික විප්ලවයෙන් පසුව තමයි beer නිෂ්පාදනය මහා පරිමාණයෙන් සිදු වෙලා තියෙන්නේ.
අප්‍රේල් 7 වෙනිදා කියන්නේ තව රසවත් දවසක්, ඒ තමයි Coffee Cake Day එක, කෝපි ඉතින් බිමක් විදිහට වගේම cake වගේ කෑමක් විදිහටත් හදන්න පුළුවන්. කෝපි වලට ආස අය මේ කෝපි රස cake වලටත් අනිවාර්යයෙන් ආස වෙයි.
එහෙනම් අද දවස සතුටින් ගත කරන්න. මතක තියා ගන්න ගෙදර අය එකතු වෙන තැන තමයි අවුරුද්ද තියෙන්නේ. ඒ නිසා ගෙදර අස් පස් කරන වැඩ වලට හැමෝම ටිකක් එකතු වෙන්න. එතකොට තමයි අවුරුදු සතුට තියෙන්නේ.
ජය වේවා! තෙරුවන් සරණයි!

