හිරු නැගීම – 06 : 04
හිරු මුදුන් වීම – 12 : 11
හිරු බැසීම – 18 : 18
අද අප්‍රේල් මාසේ පලවෙනි සෙනසුරාදා, සහ අලුත් අවුරුද්ද ලබන්න කලින් තියෙන අන්තිම සෙනසුරාදා දවස.
අද ගොඩක් අයගේ නිවාඩු දවසක් නිසා ඉතින් එයාල අවුරුද්දට ගෙවල් එහෙම අස් කරන්න අද දවස වෙන් කරලා තියා ගෙන ඇති. මේ දවස් වල හිරු ශ්‍රී ලංකාව මුදුනින් යන නිසා ඔන්න එහෙම මහන්සි වෙන්ව නම් ගොඩක් වතුර බොන්නත් අමතක කරන්න එපා.
අද දවසේ තියෙන විශේෂත්වය තමයි අද ගිනිකෙළි (fireworks) දවස, අවුරුද්දට ගලපෙනම කාලෙක තමයි නේද ඒ දවසත් යෙදිලා තියෙන්නේ. අවුරුදු කාලේ කියන්නේ ගිනිකෙළි බහුලවම භාවිතා වෙන කාලයක් නේ. කොහොම වුනත් සද්දෙට මේවා පත්තු කරනකොට අහල පහල ඉන්න සත්තු ගැනත් ගොඩක් හිතන්න. එයාල සද්දෙට බයයි වගේම අධික ශබ්දය නිසා කුරුල්ලෝ වගේ සතුන්ගේ කන් බෙරය පවා පුපුරලා එයාල මැරෙන්න පුළුවන්.
ඒ නිසා අත්‍යවශ්‍යම නම් විතරක් සද්දේ අඩු හෝ සද්දේ නැති ගිනිකෙළි භාවිතය තමයි වැදගත් වෙන්නේ. තමන්ගේ සතුට වෙනුවෙන් තව කෙනෙක්ට දුකක් දෙන්න ඕනේ නැහැ නේ..
ඒ වගේම අද pillow fight day එක, හිකිස් … අමුතු දවසක් වුණාට ඔන්න ගෙදර ඉන්න කෙනෙක් එක්ක විනෝද වෙන්න කියාපු දවස.
අප්‍රේල් 06 කියන්නේ siamese කියන පූස් විශේෂය සඳහා වෙන් කරපු දවසත් වෙනවා. එක පාරට නම කිව්වම අදුර ගන්න බැරි නම් මේ පහලින් ඉන්නේ ඒ ජාතියේ පූ බබෙක්. එයාලගේ ලක්ෂණය වෙන්නේ අත් කකුල් සහ මූන කළු පැහැ වීම.


අද acai bowl day එකත් වෙනවා. ඉතින් acai bowl එකක් කියන්නේ හොඳ පෝෂ්‍යදායි උදේ ආහාරයක්, අපිට ගෙදර තියෙන දේවල් වලින් ලස්සනට මේකක් හදා ගන්න උනත් පුළුවන්. ටිකක් නිර්මාණශීලි සහ වෙනස් විදිහට හිතුවොත් අපිට ගොඩක් කෑම තවත් රහට සහ පෝෂණ ගුණයෙන් වැඩි වෙන්න හදන්න පුළුවන්.
එහෙනම් අද දවස සතුටින් ගත කරන්න, හොඳ ආහාර ගන්න, ක්‍රියාශීලිව ඉන්න.
ජය වේවා! තෙරුවන් සරණයි.

