ප්‍රදේශ රැසකට දැඩි උණුසුමක්

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

උතුරු, උතුරුමැද, නැගෙනහිර, බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත හා මොනරාගල සහ මාතලේ දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම ප්‍රදේශවල ජීවන වන ජනතාවට මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමට පැවතිය හැකි යැයි අපේක්ෂා කෙරේ.