සිංහල – දෙමළ අලුත් අවුරුද්ද අවසන් වනතෙක් වී මිලදී ගැනීම තාවකාලිකව අත්හිටුවීමට වී අලෙවි මණ්ඩලය තීරණය කර තිබෙනවා.
එහි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ කියා සිටියේ ගොවීන් වී අලෙවි කළ පසු ඊට අදාළ මුදල් බැංකු මගින් ගැනීමට යාමේදී ඇතිවිය හැකි ප්‍රමාදයන් සළකා මෙම තීරණය ගත් බවයි.
ඊයේ (04) දිනය වනවිට වී කිලෝග්‍රෑම් ලක්ෂ 40ක් පමණ වී අලෙවි මණ්ඩලය විසින් මිලට ගෙන තිබුණා.ඉන් 90%ක් රතු නාඩු වන අතර, සම්බා හා කීරි සම්බා, වී අලෙවි මණ්ඩලයට ගොවීන් අලෙවි නොකරන බවයි එම මණ්ඩලයේ සභාපතිවරයා කියා සිටියේ.
ගොවි භාරකාර අරමුදල විසින් වී මිල දී ගැනීමට රුපියල් මිලියන 100ක මුදලක් ලබාදුන් අතර, එම මුදල් වහාම එම අරමුදලට නැවත ගෙවන ලෙස විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබා දී තිබෙනවා.
අමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ රජය විසින් ලබාදුන් රුපියල් මිලියන 500ක මුදල උපයෝගී කරගනිමින් වී මිලට ගන්නා ලෙසයි.

