ලෝකයේ අනෙක් රටවල තිරගත වී මාස ගණනාවකට පසුව Oppenheimer චිත්‍රපටය ජපානයේ තිරගත කිරීමට තීරණය කර තිබෙනවා.
දෙවැනි ලෝක යුද්ධ සමයේ දී ජපානයට බෝම්බ දැමීමේ සිදුවීමක් පාදක කර ගනිමින් නිෂ්පාදනය වී ඇති මෙම චිත්‍රපටය ජපානයට අති සංවේදී වීම නිසයි මෙලෙස තිරගත වීම ප්‍රමාද කර ඇත්තේ.
එම බෝම්බ ප්‍රහාර වලින් හිරෝෂිමා හි 140,000 ක් සහ නාගසාකි හි 74,000 ක් පමණ මිය ගිය අතර එහි බලපෑම අදටත් ඒ ප්‍රදේශවල දැකිය හැකි වනවා.
කුඩා පෝස්ටරයකින් පමණක් ජපාන සිනමාහල් වල මෙම චිත්‍රපටය පිළිබඳව ප්‍රචාරණ කටයුතු සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
හිරෝෂිමා හි හිටපු නගරාධිපති ටකාෂි හිරෝකා සඳහන් කර ඇත්තේ බෝම්බ හෙලීම නිසා ජපානයට සිදු විනාශය මෙම චිත්‍රපටයේ ප්‍රමාණවත් ලෙස දක්වා නොමැති බවයි.


