හිරු නැගීම – 06 : 10
හිරු මුදුන් වීම – 12 : 14
හිරු බැසීම – 18 : 19
අද අඟහරුවාදා දවසක්. මාර්තු මාසේ අවසාන සතියේ අවසාන අඟහරුවාදා දවස තමයි අද.
ඉතින් අද දවසෙත් විශේෂත්වයන් ගොඩක් තියෙනව.
අද Purple Day එහෙම නැත්නම් දම් පාට දවස විදිහට හඳුන්වනවා. අපස්මාරය රෝගය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා තමයි මෙහෙම දම් පාට දවසක් නම් කරලා තියෙන්නේ. ඉතින් අද ගොඩක් අය දම් පාට අඳිනවා.. ඔන්න ඔයාටත් පුළුවන් ඔයා අද කොහේ හරි යනවා නම් දම් පාට ඇඳුමක් ඇඳ ගෙන යන්න.
අපස්මාරය කියන්නේ ටිකක් භයානක ලෙඩක්. අපි සාමාන්‍ය ජන වහරේ දී ෆිට් එක කියලා හඳුන්වන්නේ මේ ලෙඩේ තමයි. ඉංග්‍රීසියෙන් නම් Epilepsy .
ලෝකේ මිලියන 50කට අධික ප්‍රමාණයක් මේ රෝගයෙන් පිඩා විඳිනවා කියලා තමයි වාර්තා වෙන්නේ.
මොලයේ ඇති වෙන අසාමාන්‍ය විද්‍යුත් ක්රියාකාරිත්වයන් හේතුවෙන් තමයි මේකේ රෝග ලක්ෂණයක් වන ගැස්ම වගේ දේවල ඇති වෙන්නේ. මොලයේ විවිධ කොටස් වල මේ අසාමාන්‍ය ක්‍රියාකාරිත්වය නිසා විවිධ ආකාරයෙන් මේ ෆිට් එක ඇති වෙන්න පුළුවන්. ඒ උනාට මේකට හරියටම බලපාන හේතුව නිශ්චිත වශයෙන් නම් තවම සොයා ගෙන නැහැ.

අද දවසේ තියෙන තවත් විශේෂත්වයක් තමයි අද නිවිති වලට වෙන් කරපු දවස. සමහර අය නම් පොඩ්ඩක් වත් කැමති නැතිව ඇති නිවිති වලට. හිකිස්…
කොහොම වුණත් නිවිති කියන්නේ යකඩ එහෙම බහුල හොඳ ආහාරයක්. ඒ නිසා පරිප්පු එකට දාන්නේ නැතුව නිවිති කන්න…
එහෙනම් අද දවස සතුටින් ඉන්න… සැහැල්ලුවෙන් තමන්ගේ වැඩ ඔක්කොම හොඳට කර ගන්න.
ජය වේවා ! තෙරුවන් සරණයි!

