හිරු නැගීම – 06 : 11
හිරු මුදුන් වීම – 12 : 15
හිරු බැසීම – 18 : 19
අද මාර්තු මාසේ හතරවෙනි ඉරිදා. මාර්තු මාසෙට නම් ඉරිදා දවස් පහක් තියෙන නිසා තව ඉරිදා දවසක් තියෙනවා ඔන්න මේ මාසේ ඉවර වෙන්න නම්
ඉතින් අද පෝය නිවාඩුව නිසා ඉස්කෝලේ යන වයසේ අයත් ගොඩක් දෙනා අද ගෙදර ඇති. පෝය කියන්නේ සාමාන්‍යයෙන් නිවාඩු දවසක් නේ. ඔයා බෞද්ධ කෙනෙක් නම් ඔයාට පුළුවන් අද ගෙදර කට්ටියත් එක්ක හවසට පොඩ්ඩක් පන්සලටත් ගිහින් එන්න..
එහෙම නැත්නම් ඔයාට පුළුවන් ගෙදර අය එක්ක පොඩ්ඩක් එකට එකතු වෙලා කාලය ගත කරන්න.
අද දවසේ තියෙන විශේෂත්වය ගත්තොත් අද තමයි World Tuberculosis Day – ලෝක ක්ෂය රෝග දිනය. ක්ෂය රෝගය කියන්නේ පෙනහළු ආසාදනය වීම නිසා ඇති වෙන බෝවෙන රෝගයක්. Mycobacterium tuberculosis කියන බැක්ටීරියාව තමයි මේකට හේතු වෙන්නේ.
අද වෙනකොට ක්ෂය රෝගය ලංකාවත් ඇතුළුව ලෝකයේ බොහෝ රටවල් පාලනය කර ගෙන සිටින නිසා රෝගීන් සුළු ප්‍රමාණයක් තමයි වාර්තා වෙන්නේ. රෝගියෙක් කහින විට, කිවිසුම් යවන විට පිට වෙන බිඳිති හරහා මේ රෝගය නිරෝගී පුද්ගලයෙක්ට ආසාදනය වෙන්න පුළුවන්.
සති තුනකට වඩා වැඩි දරුණු කැස්ස, කැස්ස සමඟ ලේ පිටවීම, තෙහෙට්ටුව, ශරීරයේ බර අඩු වීම වගේ දේවල් මේ රෝගයේ රෝග ලක්ෂණ විදිහට හඳුනා ගෙන තියෙනවා.
ඒ වගේම අදට යෙදෙන තවත් දවසක් තමයි National Cocktail Day එක.
ඔන්න ඔයා අද ගෙදර ටිකක් නිදහසේ නම් ඉන්නේ ඔයාට රසම රස cocktail එකක් ගෙදරදීම හදා ගෙන රස විඳින්නත් පුළුවන්. මේ වෙනකොට විවිධ නම් වලින් විවිධ රස වලින් cocktail තියෙන නිසා තෝරලා බේරලා හදා ගන්න පුළුවන්.
එහෙනම් අද දවස සතුටින් නිදහසේ ගත කරන්න.
ඒ වගේම අමතක නොකර අද පෝය හඳත් බලන්න…
ජය වේවා! තෙරුවන් සරණයි!

