මොස්කව් නුවර නාට්‍ය ශාලාවකට බිහිසුණු ප්‍රහාරයක්

රුසියාවේ මොස්කව් නගරයේ Crocus City Hall නාට්‍ය ශාලාවේ නර්තන තරගාවලියක් අතරතුර දී එයට ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කැලෑ සටන් ඇඳුම් ඇඳගත් සන්නද්ධ පුද්ගලයින් තිදෙනෙකු විසින් සිදු කළ වෙඩි තැබීම වලින් පුද්ගලයන් 60 දෙනෙක් පමණක් මිය ගොස් තිබෙනවා.

එසේම තවත් පුද්ගලයන් 100 දෙනෙක් පමණ තුවාල ලබා ඇති බවයි රුසියානු බුද්ධි අංශ සඳහන් කර ඇත්තේ.

එසේම ගොඩනැගිල්ලේ විශාල ගින්නක් ද හටගෙන ඇති අතර ගින්න හේතුවෙන් රඟහල අසල වහලයේ කොටසක් කඩා වැටී තිබෙනවා.

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය විසින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට සැක පල කරනවා.

මේ අතර ඇමරිකානු බුද්ධි අංශ විසින් රුසියාවේ විශාල වශයෙන් සෙනග ගැවසෙන ස්ථානයකට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට මේ මස මුල දී අනතුරු ඇඟවීමක් ද සිදු කර තිබෙන පසුබිමකයි මෙම ප්‍රහාරය සිදු වී ඇත්තේ.

එසේම අමෙරිකානු ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි පවවසා ඇත්තේ මෙම වෙඩි තැබීමට යුක්රේනය හෝ යුක්රේන ජාතිකයන් සම්බන්ධ බවට මේ වන විට කිසිදු ඇඟවීමක් ලැබී නොමැති බවයි.