යල කන්නයේ පොහොර මිල දී ගැනීමට රුපියල් මිලියන 7500ක්

2024 යල කන්නයේ වී වගාව සඳහා පොහොර මිල දී ගැනීමට රුපියල් මිලියන 7500ක් ගොවි ගිණුම්වලටම යෙදවීමට රජය තීරණය කර තිබෙනවා.

මෙවර යල කන්නයේ වී වගාකරන කුඹුරු හෙක්ටයාර් ලක්ෂ පහකට, හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක් බැගින් මුදල් ගොවි ගිණුම් වලටම යොමු කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කටයුතු සංවිධානය කර තිබෙනවා.

මෙවර යල කන්නයේ පොහොර අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 130,000කි. එමෙන්ම TSP මෙට්‍රික් ටොන් 33,000ක් හා MOP මෙට්‍රික් ටොන් 39,000කි.

2023 වසරේ මහ කන්නය සඳහා ද මේ පරිදි ගොවි ගිණුම්වලට පොහොර මිල දී ගැනීම සඳහා මුල්‍ය ප්‍රතිපාදන යොමු කරනු ලැබීය. ඒ අනුව රජය විසින් ඒ සඳහා රුපියල් මිලියන 11,500ක මුදලක වැය කරනු ලැබීය.