පොලිසියට ඔත්තු දෙන අයට තෑගී

සංවිධානාත්මක අපරාධවල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙන පුද්ගලයන් භාවිත කරනු ලබන ගිනිඅවි සම්බන්ධයෙන් තොරතුරු දෙන පුද්ගලයන්ට මුදල් ත්‍යාග ලබාදීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

T56 ගිනිඅවියක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය තොරතුරු ලබාදෙන අයෙකුට රුපියල් ලක්ෂ 05ක මුදලක් මෙන්ම තවත් වර්ගීකරණ කිහිපයකට යටත්ව මුදල් ත්‍යාග ලබාදීමට පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

තෑගී මුදල් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහතින්,