අදට යෙදෙන ලෝක ජල දිනය නිමිත්තෙන් විශේෂ post එකක් පළ කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අනාවරණයක් සිදු කර තිබෙනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ ලෝකයේ ජිවත් වන පුද්ගලයන් සිව්දෙනෙක්ගෙන් එක් අයෙකුටම පානය කිරීම සඳහා පිරිසිදු ජලය නොලැබෙන බවයි.
ගෝලීය වශයෙන්, බිලියන 2.2 ක ජනතාවකට පිරිසිදු ජලය සඳහා ප්රවේශයක් නොමැති අතර බිලියන 3.5 ක ජනතාවකට දිනපතා සනීපාරක්ෂක ක්රමවේද වලින් බැහැරව ජලය ලබා ගනිමින් සිය ජීවිතය ගත කරන බවයි ඔවුන් සඳහන් කරන්නේ.
දේශගුණික විපර්යාස, යුද්ධ, ගැටුම් සහ අනෙකුත් අර්බුද හේතුවෙන් පිරිසිදු ජලය ලබා ගැනීමේ අවස්ථා වඩාත් ඇහිරෙමින් පවතිනවා.
එසේම එක්සත් ජාතීන්ගේ ලෝක ජල වාර්තාව පෙන්වා දෙන්නේ ජල හිඟය වැඩිවීම ලොව පුරා ගැටුම් ඇති වීමට ද හේතු විය හැකි බවයි.
මෙවර ලෝක ජල දිනයේ තේමාව වී ඇත්තේ සමෘද්ධිය සහ සාමය සඳහා ජලය – Water for Prosperity and Peace යන්නයි.

