හිරු නැගීම – 06 : 12
හිරු මුදුන් වීම – 12 : 16
හිරු බැසීම – 18 : 19
අද බ්‍රහස්පතින්දා දවසක්. මාර්තු මාසේ තුන්වැනි බ්රහන්ස්පතින්දා දවස තමයි අද.
මාර්තු 21 වෙනිදා කියන්නේ විශේෂ දවස් ගොඩක් යෙදිලා තියෙන ලස්සන දවසක්.
අද දවසේ තියෙන එක විශේෂත්වයක් තමයි අද World Poetry Day එක. කවි කියන්නේ අපි හැමෝම රස විඳින්න කැමති මේ ලෝකේ තියෙන ලස්සනම සාහිත්‍ය අංගයක් නේ. සමහර කවි තියෙනවා ඒවායේ පද අතරින් අපිට හම්බ වෙන්නේ අපේ ජිවිතේ.. ඒවා අපේ ජීවිතේට බොහෝ සමාන නිසාම ඒවා අපේ හිතටත් හරිම සමීප වෙනවා.
කවි වලට පුළුවන් හදවතක තියෙන සියුම්ම තැන පවා හරි ලස්සනට ස්පර්ශ කරන්න. ඒ නිසාමයි මිනිස්සු මෙච්චර කවි වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ.
ඉස්සර කාලේ සිගිරි අප්සරාවෝ දැකලත් මිනිස්සු කැටපත් පවුරේ කවි ලියලා තියෙන්නේ ඉතින්… ඒ වගේ තමයි මිනිස්සු ලස්සන දේවල් වලට, දුක හිතෙන දේවල් වලට, ප්‍රේමනීය සරාගී දේවල් වලට කවි ලියනවා.
එකම කවියක් වුණත් කියවන කෙනාගේ මනසේ ස්වාභාවය අනුව එක එක ආකාර වලට විඳින්න පුළුවන් වීම තමයි කවිවල තියෙන විශේෂත්වය.
ඔන්න ඔයාටත් පුළුවන් ඔයා ආදරේ කරන කෙනෙක්ට අද කවියක් ලියලා දෙන්න… හරිම romantic දෙයක් ඒක..
අද දවසේ තියෙන තවත් විශේෂත්යවයක් තමයි අද International Day of Forests හෙවත් ලෝක වනාන්තර දවස. කවි වගේම තමයි වනාන්තර කියන්නෙත් අපේ ජිවිතයට අත්‍යවශ්‍ය දෙයක්. වනාන්තරයක් කියන්නේ සුවිශේෂී පරිසර පද්ධතියක්.
ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීම, සතුන්ට වාසස්ථාන, ආහාර ලබා දීම, වගේ ගොඩක් දේවල් මේ වනාන්තර වලින් සිදු කෙරෙනවා. අපේ ඔක්සිජන් අවශ්‍යතාවය සපුරනන්ත් වනාන්තර දෙන දායකත්වය ඉතාම විශාලයි.
ඉතින් වනාන්තර කියන්නේ පිහිටලා තියෙන ස්ථානය අනුව විවිධත්වයක් පෙන්නුම් කරන පරිසරයක් වුණත් මේ හැම වනාන්තයක්ම පාහේ මේ වෙන විට මිනිස් ක්‍රියාකාරකම් නිසා අනතුරකට ලක් වෙලා ඉවරයි.
වනාන්තර එලි කිරීම, ගිනි තැබීම නිසා ලෝකේ වනාන්තර මේ වෙනකොට ශීඝ්‍රයෙන් විනාශ වෙමින් පවතිනවා. ඒක හරිම භයානක ප්‍රතිඵල ගෙන දෙන තත්ත්වයක් ඉන්සා මේ වනාන්තර සුරැකීමට අපි හැමෝම කටයුතු කරන්න ඕනි.
ඒ වගේම අද World Down Syndrome Day එක. අපි සාමාන්‍යයෙන් කට වහරේ කියන්නේ මොංගල් වෙලා කියලා. ඒ Down Syndrome කියන රෝගී තත්ත්වයෙන් පෙලෙන කෙනෙක්ට තමයි එහෙම කියන්නේ. ඇත්තටම මේ තත්ත්වය ඇති වෙන්නේ ප්‍රවේනිකව ඇති වන ආබාධයක් නිසා. එයාලගේ වර්ණදේහ සැකසීමේ දී නිසි පරිදි සැකසිලා නැති වුණාම තමයි මෙහෙම තත්ත්වයක් ඇති වෙන්නේ.
කොහොම වුණත් මේ Down Syndrome තියෙන පුද්ගලයන්ව හාස්‍යට ලක් කිරීම, ඔවුන්ව කොන් කිරීම හෝ පහතට හෙළා කටයුතු කිරීමට සිදු කළ නොයුත්තක්.
මේ තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්න සහ දැනට ඒ තත්ත්වයෙන් පෙලෙන පුද්ගලයන් වෙනුවෙන් තමයි මේ දවස නම් කරලා තියෙන්නේ.
එහෙනම් මෙච්චර වැදගත්කම් තියෙන අද දවසේ ඔයත් ඔයාගේ ජිවිතයට අද ලස්සන මතක එකතු කර ගන්න උත්සාහ කරන්න.
අද ඔයා නිසා තව කෙනෙක්ගේ මූණේ හිනාවක් ඇති වෙන විදිහට එයාලට උදව් කරන්න.
ජය වේවා! තෙරුවන් සරණයි!

