දකුණු ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් නගරයේ බැංකුවක් ඉදිරිපිට සිදු වුණු මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එසේම ඉන් පුද්ගලයන් 12දෙනෙක් තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ප්‍රහාරය දේශීය වේලාවෙන් උදෑසන 8 ට පමණ සිදු වී තිබෙනවා.
මේ වන විට ඇෆ්ගනිස්තානයේ පාලන බලය අත්පත් කර ගෙන සිටින තලේබාන් සටන්කාමීන් විසින් එම ප්‍රදේශය වට කර ඇති අතර මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ නොකරන ලෙසට රෝහල් බලධාරීන්ට දැනුම් දී තිබෙනවා.
ප්‍රහාරයේ වගකීම තවමත් කිසිවෙකුත් භාර ගෙන නොමැත.

