තෙවන වරටත් Facebook, Instagram බිඳ වැටෙයි

මේ මස තුල තෙවන වරටත් Facebook, Messenger සහ Instagram බිඳ වැටි ඇති බව වාර්තා වෙනවා.

එක්සත් රාජධානියේ, එක්සත් ජනපදයේ, යුරෝපය පුරා සහ ආසියාවේ විශාල ප්‍රදේශවල පරිශීලකයින්ට සිය ගිණුම් භාවිතා කිරීමේ දී යම් බාධා එල්ල වී ඇති බවයි Downdetector සඳහන් කරන්නේ.

පණිවිඩ යැවීම, සහ ලබා ගැනීම (sending and receiving), Stories බැලීම ආදියේ ගැටළු බොහෝ පරිශීලකයන්ට ඇති වී තිබෙනවා.

එසේම තවත් අය වාර්තා කරන්නේ ඔවුන්ට සිය ගිණුම් වලට log වීමට නොහැකි බවයි.

මෙම බිඳ වැටීමට හේතුව තවමත් අනාවරණය කරගෙන නොමැති බව සඳහන්.