2024 – 03 – 19

හිරු නැගීම – 06 : 13

හිරු මුදුන් වීම – 12 : 17

හිරු බැසීම – 18 : 20

අද මාර්තු මාසේ තුන්වෙනි අඟහරුවාදා. ඉතින් අද ටික විශේෂ දවසක්. ඒ තමයි අදි ඉදන් spring එක ආරම්භ වෙනවා.

ඒ අනුව අද ඉඳන් උතුරු අර්ධගෝලයේ spring එක සහ දකුණු අර්ධගෝලයේ autumn එක ආරම්භ වෙනවා. ඔයාල දන්නවා ඇති නේ උතුරු හා දකුණු අර්ධගෝල වල තියෙන්නේ එකිනෙකට විරුද්ධ දේශගුණ. ඒ කියන්නේ උතුරු අර්ධගෝලයේ summer එක නම් දකුණු අර්ධගෝලයේ තියෙන්නේ winter එක.

ඉතින් මේ කාලේ දිවා කාලය සහ රාත්‍රී කාලය සමාන පැය ගණනක් තියෙනවා. එහෙම වෙන්නේ මේ කාලේ පෘථිවියේ අක්ෂය සුර්යයා දෙසටවත් නැතිව සූර්යයාගෙන් ඉවතටත් නැතිව පවතින නිසා.

මේ අලුත් ඍතුව ආරම්භ වීම සනිටුහන් කරමින් විවිධ රටවල ජාතීන්ගේ විවිධ උත්සවත් එයාල සංවිධානය කරලා තියෙනවා.

අදට යෙදිලා තියෙන දවත් දවසක් තමයි World Social Work Day හෙවත් ලෝක සමාජ සේවා දවස. මේ සමරන්නේ හැම මාර්තු මාසෙම තුන්වෙනි අඟහරුවාදා දවසේ. ඉතින් 2024 දවසේ අද තමයි මේක යෙදිලා තියෙන්නේ.

සමාජය යහපත් තැනක් කරන්න දායක වෙන පිරිසක් තමයි සමාජ සේවකයන් කියන්නේ. එයාලගේ සේවයට ගරු කිරීමක් විදිහට අද දවස නම් කරලා තියෙනවා.

එහෙනම් ඔයාලත් අද දවස ලස්සනට ගත කරන්න.

ජය වේවා! තෙරුවන් සරණයි!