උණුසුම් කාලගුණය හේතුවෙන් සතුන්ටත් දැඩි බලපෑම්

අධික උණුසුම් සහිත කාලගුණය හේතුවෙන් සතුන් ද සත්ව ආඝාතයට පත්වීමේ අවදානමක් පවතින බව සත්වවේදීන් පෙන්වා දෙනවා.

ගෘහාශ්‍රිත සුරතල් සතුන් මෙන්ම වීදි සුනඛයින් සහ වනජීවීන්ද දැඩි බලපෑමට ලක්ව ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

නිවෙස්තුළ ඇතිකරන සුනඛයින්, බළලුන් වැනි සතුන් අධික උණුසුම හේතුවෙන් තාප ආඝාතය තත්ත්වයට පත්වීමේ අවදානමක් පවතින බව සත්වවේදීන් අවධාරණය කරනවා.

ඒ හේතුවෙන්සු රතල් සතුන්ගේ ශරීරයේ උෂ්ණත්වය පාලනය කිරීම සඳහා දිනකට දෙතුන්වරක් නැහැවීම මෙන්ම සතුන් වෙනුවෙන් ජල බඳුනක් වෙන්කර තැබීම වඩාත් සුදුසු බව පශු වෛද්‍යවරුන් සඳහන් කරනවා.

එමෙන්ම සුරතල් සතුන් දිවා කාලයේ වාහනතුළ රඳවා යාම දැඩි අවදානම් වන්නේ විනාඩි 20ක් වැනි කෙටි කාලයක් තුළ වාහන තුළ පවතින උෂ්ණත්වය දැඩිලෙස ඉහළයාම හේතුවෙනි.

මේ පිළිබඳ අදහස් දැක්වු පරිසරවේදී, නයනක රන්වැල්ල,

“ගෙවල්වල ඉන්න සතුන් සහ පාරවල්වල ඉන්න සතුනුත් තාප කම්පනවලට ලක්වීමේ අවදානමක් තියෙනවා. අපි ඔවුන්ට ජලය හා ආහාර ලබාදීම වගේම ඔවුන්ට ආවරණයක් සකස් කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් බවට මේ මොහොතේ පත්වෙලා තියෙනවා. එහෙනම නොවුණොත් මෙම සතුන්ගේ හෙට දවස අවදානම් සහගතයි. ඒ වගේම කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සර්පයන් නිවාසවලට පැමිණීමේ අවදානමක් අපි දකිනවා. නිවාස අවට තියෙන සර්පයන් ගැවසිය හැකි තැන් අවම කරගැනීමේ මේ තත්ත්වය අවම කරගන්න පුළුවන්.”