සුර්යය සංක්‍රාන්තිය සිදු වන ආකාරය අනුව මේ තරම් ප්රශස්ත නැකතක් ගැනීමට නොහැකි බවත්,රටට, එය ජනතාවට හා රටේ පැවැත්මට යහපත් බවත් රාජ්‍ය නැකැත් කමිටුවේ සාමාජික කැළණිය විශ්ව විද්‍යාලයේ බාහිර කථීකාචාර්යය ප්රවිණ ජෝතිෂ්‍යවේදි ජේ.එම් ගුණපාල මහතා පවසනවා.
(18) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
2024 අප්‍රේල් මස 13 වන සෙනසුරාදා රාත්‍රි 09.05ට අලුත් අවුරුද්ද උදාවීමට නියමිත අතර රාජ්‍ය නැකැත් කමිටුවේ විසින් සම්පාදිත නැකැත් චාරිත්‍ර මෙවරත් සිංහල අවුරුදු චාරිත්‍ර සදහා භාවිත කරන ලෙස රාජ්‍ය නැකැත් කමිටු සාමාජිකයින් ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
මෙම අවස්ථාවට ප්රවිණ ජෝතිෂ්යවේදිනි ආර්.ඒ ලොලීනි පෙරේරා, ප්රවිණ ජෝතිෂ්‍යවේදි ආනන්ද සෙනෙවිරත්න, ප්රවිණ ජෝතිෂ්‍යවේදි චමත් කොතලාවල සහභාගි වුහ.

