ඉන්දියාවේ පාර්ලිමේන්තු මැතිවරණය ලබන අප්‍රේල් මස

ලොව වැඩිම ඡන්ද දායකයන් පිරිසක් ඡන්දය භාවිතා කරන මැතිවරණය ලෙස සැලකෙන ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දින නියම කර තිබේ.

ඉන්දීය මැතිවරණය කොමිසමේ ප්‍රධානියා ඊයේ සඳහන් කළේ අදියර 7ක් යටතේ එම මැතිවරණය පැවැත්වෙන බවයි.

එහි පළමු අදියර අප්‍රේල් 19 වනදා ආරම්භ වන අතර දෙවන අදියර ආරම්භ වන්නේ අප්‍රේල් 26 වනදාය.

ඉන් අනතුරුව 03 වන අදියර මැයි 07 වනදාත්,  04 වන අදියර මැයි 13 වනදාත්, 05 වන අදියර මැයි 20 වනදාත්, 06 වන අදියර මැයි 25 වනදාත්, 07 වන අදියර ජුනි 01 වනදාත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

පසුව ඡන්ද ගණන් කිරීමේ කටයුතු ජුනි මස 04 වනදා සිට සිදුකරනු ලබන බවයි හෙතෙම පවසා ඇත්තේ.