2024 – 03 – 15

හිරු නැගීම – 06 : 15

හිරු මුදුන් වීම – 12 : 28

හිරු බැසීම – 18 : 20

අද සිකුරාදා දවසක්. ගොඩක් අයට අද සතියේ වැඩ කරන අවසාන දවස නිසා අද ටිකක් සැහැල්ලුවෙන් තමයි ගෙවෙන්නේ.

අද දවස සැහැල්ලු වෙන්න අද තියෙන විශේෂත්වයකුත් හේතු වෙනවා. ඒ තමයි අද World Sleep Day එක වීම.

නිදා ගන්න එකට කවුද අකමැති නේද… විඩාබර දිග දවසකට පස්සේ අපි ගෙදර එන්නෙම ඇඳ හොයා ගෙන නේ. ඒ වගේම උදේට උනත් කට්ටිය හැමෝම වගේ බලන්නේ තව තත්ත්පරයක් හරි වැඩියෙන් නිදා ගන්න.

නින්දට අපි ඒ තරමට කැමති වෙන හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි නින්දෙදි ඉන්නකොට අපේ ශරීරයට හොඳ විවේකයක් ලැබෙන එක. කායික මානසික වේදනා ඔක්කොම දැනෙන්නේ නැති වෙලාවක් තමයි නින්ද කියන්නේ. ඒ නිසා ඒ ලැබෙන සුවයට අපි හැමෝම කැමතියි.

ඒ වගේම තමයි නින්ද කියන්නේ හොඳ විවේකයක්. අපි නිදා ගන්න යනකොට තිබ්බ මානසිකත්වයට වඩා ගොඩක් හොඳ මානසිකත්වයකින් අපි නින්දෙන් ඇහැරෙනවා. එක අපිට හොඳ refresh එකක් ලබලා දෙනවා.

නින්ද කියන දේ අපේ ශරීරයට අත්‍යවශ්‍ය දෙයක් වෙන නිසා අනිවාර්යයෙන් ම ඔයාගේ නිදා ගැනීමේ cycle එක සහ නින්දට යාමට පෙර කරන්න ඕනි දේවල් කෙරෙහි අවධානයක් යොමු කරන්න ඕනි. නින්ද කියන්නේ නොමිලයේ ලැබෙන ඖෂධයක් නිසා ඒකෙ උපරිම ඵල ලබා ගන්න අපි කටයුතු කරන එක වැදගත් වෙනවා.

අදට යෙදිලා තියෙන තවත් විශේෂ දවසක් තමයි Red Nose Day එක කියන්නේ. ඉතින් විවිධ අවශ්‍යතා තියෙන දරුවන්ගේ ඒ අවශ්‍යතා ඉටු කරන්න යම් ආධාර හොයා ගන්න තමයි මේ වගේ දවසක් නම් කරලා තියෙන්නේ. අද දවසේ එක එක සංවිධාන විසින් car wash , විවිධ ප්‍රසංග, ගීත කිවීම් වගේ පොඩි පොඩි දේවල් කරලා එකතු කර ගන්න සල්ලි රෝගී හෝ අසරණ දරුවන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම පිණිස ලබා දෙනවා.

ඉතින් එහෙනම් අද දවස සතුටින් සැහැල්ලුවෙන් ගත කරන්න. ඒ වගේම අමතක කරන්නේ නැතුව අද හොඳ නින්දකුත් දාන්න ඔන්න.

ජය වේවා! තෙරුවන් සරණයි