සෞඛ්‍ය වෘත්තීය සමිති තවත් වර්ජනයකට සැරසෙයි

ලබන 19 වනදා සහ 20 දෙදින යළිත් සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමට සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.

ඒ, ආර්ථික යුක්තිය ඉටුකිරීම සඳහා වූ යෝජනාවලිය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මුදල් අමාත්‍යාංශයට ලබාදී ඇති නමුත්, ඊට මේ දක්වා නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බව පවසමින්.

එම සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම කියා සිටියේ සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක්, මීට පෙර දියත් කළ වෘත්තිය ක්‍රියාමාර්ගය නවත්වා ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශයට කාලය ලබාදී තිබූ බවයි.

කෙසේ වෙතත් දීමනා ඉහළ දැමීම සඳහා සකස් කළ යෝජනාව මුදල් අමාත්‍යාංශයට භාරදුන් නමුත් මේ දක්වා ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.