පිංපොං බෝලයක් තරම් විශාල බ්ලූබෙරි ගෙඩියක්

ලොව විශාලතම බ්ලූබෙරි ගෙඩිය විදිහට සලකන්න පුළුවන් බ්ලූබෙරි ගෙඩියක් ඕස්ට්‍රේලියාවේ ගොවිපලකින් හමු වෙලා තියෙනවා.

මේක පසුගිය නොවැම්බරයේ ගහෙන් කඩලා මේ වෙනකම් ශීතකරණයේ දාගෙන ඉදලා තියෙනවා.

මේ බ්ලූබෙරි ගෙඩිය සෙන්ටිමීටර 4 ක් පළල වන අතර බර ග්‍රෑම් 20.4 ක් පමණ වනවා. ඒ කියන්නේ ඒක සාමාන්‍ය බ්ලූබෙරි ගෙඩියක බර මෙන් 10 ගුණයක්.

මින් පෙර ලොව විශාලතම බ්ලූබෙරි ගෙඩිය ලෙස වාර්තා වෙලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ වගා කරන ලද ග්‍රෑම් 16.2ක බෙරි ගෙඩියක්.

මේ බෙරි ගෙඩිය ඉදිරියටත් ශීතකරණයේ ගබඩා කරලා තියෙන නිසා මේක මොන වගේ රසයකින් යුතු වෙයි ද කියලා නම් කාටවත් කියන්න බැහැ කියලා තමයි කියන්නේ.