වියලි කාලගුණය හේතුවෙන් ජල සම්පාදන ක්‍රම 6ක් මුර ක්‍රමයට ජලය සැපයීමට පියවර ගෙන ඇති බව ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කරනවා.
ඒ අනුව ගම්පලවත්ත, පුස්සැල්ලාව, කොටගල, පුස්සැල්ල, හැටන් හා ඌරුබොක්ක යන ප්‍රදේශවල මෙලෙස මුර ක්‍රමයට ජලය සම්පාදනය කරන බවයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි(සංවර්ධන) අනෝජා කළුආරච්චි මහත්මිය පැවසුවේ.
මෙයට අමතරව ජල සම්පාදන ක්‍රම 15ක ජල සැපයුමට බාධා එල්ල වී ඇති බවත් කළමණාකරනය කරමින් එම ප්‍රදේශවලට ජලය නිකුත් කරන බවත් ඇය සඳහන් කළා.
මුර ක්‍රමයට ජලය සැපයීමට පියවර ගෙන ඇති ප්‍රදේශවල ඇතැම් ප්‍රාදේශීය බෙදාහැරීම් මධ්‍යස්ථාන වල ජලය බෙදාහැරීම නිශ්චිත කාලසටහනක් අනුව සිදු කෙරෙනු ලබනවා.
අවශ්‍යනම් ජල බවුසර යොදාගෙන ජලය බෙදා හැරීමට හැකියාව පවතින බවත් ඒ සඳහා බවුසර් 150 ක් සූදානමින් පවතින බවත් ඇය සඳහන් කළාය.
ජලය සැපයීමේදී යම් ගැටලුවක් මතුවුවහොත 1939 ට දැනුම්දීමක් සිදුකරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරනවා.

