සහන දීමට වඩා ඇතැමුන්ට උසස් වන්නේ සොරකමයි

ජනතාවට සහන ලබා දීමට වඩා ඇතැමුන් උසස් කොට සලකන්නේ සොරකම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සක්වල පාසල් බස් රථ ලබා දීමේ වැඩසටහනේ 85 වැනි අදියර යටතේ අනුරාධපුර කලාවැව තලාව මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 50 ක් වටිනා පාසල් බස් රථයක් ලබා දීමේ වැඩසටහනට අද එක් වෙමින්.